Dietary Fibers

ආහාර තන්තු (Dietary Fibers) මිනිසුන්ගේ ශරීරය මගින් අවශෝෂණය කරගන්නේ නැති නමුත් ශරීරය හරහා ගමන් කරන විට විවිදාකාරයේ සෞඛ්‍ය ප්‍රතිලාබභ ලබා දෙයි. දිනකට පුද්ගලයෙකුට තන්තු ග්රෑම් 25-35 ක් නිර්දේශ කරයි.
දියවන හා දිය නොවන ලෙස තන්තු වර්ග දෙකක් තිබේ. මෙම තන්තු වර්ග දෙකෙන්ම සමන්විත ආහාර සෞඛ්යයට, අහාර ජීර්ණයට හා තරබාරුකම, හෘද රෝග, දියවැඩියාව, සහ මල බද්ධය වැනි රෝග තත්වයන් වැලැක්වීම සඳහා වැදගත් වේ.දියවන තන්තු ජලයේ දියවී ජෙලි බවට පත් වන අතර එය ඔබගේ ආහාර ජීර්ණ වේගය අඩු කරයි. දියවන තන්තු සහිත ආහාර වේලක් ගත් විට ඔබට වැඩි කාලයකට කුසගින්නක් නොදැනේ. තවද ඔබගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමටද, හෘද රෝග වළක්වා ගැනීමටද, දියවන තන්තු බහුල ආහාර ගැනීම වැදගත් වේ. මේවා අඩංගු ආහාර කිහිපයක් නම්, බාර්ලි, ධාන්‍ය, ඇට වර්ග, බෝංචි, පරිප්පු, අනෙකුත් පළතුරු සහ එළවළු.

දිය නොවන තන්තු ජලයේ දිය නොවන අතර මෙවා ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියට වැදගත් වේ. දවස පුරා දිය නොවන තන්තු සහිත ආහාර ගැනීමෙන් බඩ වියලීම වලක්වාගත හැක. මේවා අඩංගු ආහාර කිහිපයක් නම්, ධාන්‍ය, ඇට වර්ග, කොළ වර්ග, පළතුරු සහ කැරට්, බීට්, මඤ්ඤොක්කා වැනි මූල එළවළු.

30530432_1790434741003471_8276657787644149760_o